බැති ගී සරණිය - 2020

අන්ධකාරයෙන් ආලෝකයට,ආලෝකයෙන් තවත් ආලෝකයට,ජාති භේදයකින් තොරව,සියලුම මනුෂ්‍යන්ට එන්න ධර්මය දකින්න. “ඒහි පස්සිකෝ” යනුවෙන් වදාළ මහාකාරුණිකයන්, උත්තමයාණෝ බුදු රජාණන්වහන්සේය.

මුළු ලොවම සදකැන් දහරින් සිසිල් කරවන ඒ සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි.ඒ බෝසත් පුත්‍රයාගේ උත්පත්තියයි. ඒ ත්‍රිවිද්‍යාලාභී ගෞතමයාණන් බුද්ධත්වය පන්සාලික් වසක් අමා දම් දෙසාලූ සම්බුදු සමිදානන්සේ බුද්ධ පරිනිර්වාණය බෞද්ධයන් වශයෙන් අනුස්මරණ කරන්නට තුරුණු අපට හැකි විය.

ජාති,ආගම් භේදයන් පසෙකලා සහයෝගීත්වය තුළින් බැති ගී සරණිය සුපුරුදු පරිදි ,සංවිධානය කරන්නට විශ්ව විද්‍යාලීයය ශාස්ත්‍රීය සංගීත සංගමයට අවස්ථාව හිමි විය.

නමුත් වර්තමානයේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ,විශ්ව විද්‍යාලය තුළ සජීවී ලෙස බොදු බැති ගී සරණිය සිදු කිරීමට නොහැකි වුවත් ,එය වෙනස්ම මානයකට ගෙනියන්නට අපි තීරණය කළෙමු.

එනයින් බොදු බැති ගී ලෝලී ලෝ වැසි සියලුම බෞද්ධයන්ට වෙනදා වගේම මෙවරත්” බොදු බැති ගී සරණිය” තාක්ෂණය හරහා සජීවී ලෙස තිළිණ කරන්නට ගත් සහයෝගී උත්සාහය සාර්ථක කරගන්නට සියලුම විශ්වවිද්‍යාලයීය පීඨ සහයෝගීත්වය තුළින් හැකි වූ බව නොඅනුමානය.