AUDITIONS

පුරා දස වසරකටත් වඩා වැඩි කාලයක් පුරාවට, සහෝදර බැම්මෙන් බැඳි ශාස්ත්‍රීය සංගීතය පවුලට, තවත් සොයුරු පරපුරක් පිලිගැනීම සඳහා අප සංගමය මගින් වාර්ෂිකව කුසලතා පරීක්ෂණයක් පවත්වමු. මෙම පරීක්ෂණය ගායන හා වාදන යන අංශ දෙක ඔස්සේම පැවැත්වෙන අතර විශ්ව විද්‍යාලයේ අපගේම සොයුරු සොයුරියන්ගේ සංගීත හැකියාවන් කල එලි දැක්වීම අපගේ අභිප්‍රායයි.විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ හා අධ්‍යන වසරවල සිසුන් සඳහා මෙම කුසලතා පරීක්ෂණය විවෘත වේ. උදෑසන 9 සිට සවස 6 දක්වා සංගීතයට රිසි සියලුම නවකයන් හට ඔවුන්ගේ හැකියාවන් විදහා පෑමට අප දොරටු විවරව පවතී. මෙහිදී වාදකයන් හට අවශ්‍ය සියලුම සංගීතය භාණ්ඩ මෙන්ම ගායකයන් හට අවැසි පසුබිම් සංගීතයද අප විසින් සපයන අතර ,ඔබ රැගෙන ආ යුත්තේ සංගීතය කෙරෙහි ඔබ තුල ඇති අසීමිත ආදරය හා ආශාවම පමණි. 

කුසලතා පරීක්ෂණ සඳහා සහභාගී වන සිසුන් ඇගයීමට ලක් වන්නේ, අප සංගමය භාර ආචාර්යවරුන් හා අප සංගමයේ ජ්‍යෙෂ්ඨ සොයුරු සොයුරියන්ගෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් මඟිනි. තම හැකියාවන් ඉදිරිපත් කිරීමේදී සිසුන් හට උපරිම නිදහස හිමිවේ. එහිදී ඔවුන් හට ගායන හා වාදන යන අංශ දෙක ඔස්සේම මෙන්ම, වාදන භාණ්ඩ කිහිපයක් ඔස්සේ වුව තම හැකියාවන් ඉදිරිපත් කල හැක. පුරා දින දෙකක් පුරා පැවැත්වෙන මෙම පරීක්ෂණය අවසන් වුවද , එම අවස්ථාව මග හැරුණු යම් අයෙකු වේනම් ඔවුනටද අප කුසලතා පරීක්ෂණය- අදියර 2 ලෙස තවත් අවස්ථාවක් සලසා දෙන්නෙමු. මෙසේ වසරක් පාසා නවක සොයුරු සොයුරියන් හා එක්ව පවුලක් සේ ඉදිරියට යාම අපගේ අභිප්‍රායයි .