LEARN MUSIC
ශාස්ත්‍රීය සංගීත සංසදය සහෘද මොරටු සිසු සිසුවියන්ගේ මූලික සංගීත අඩිතාලම දැමීම,ඔවුන්ගේ සැගවුනු කුසලතා කලඑළි දැක්වීම, ඔවුන් සතු දස්කම් තවත් වැඩිදියුණු කිරීම වැනි කර්තව්‍යයන් සඳහා එක්ව බැඳී සිටී.
මේ සඳහා වාර්ෂිකව අදියර කිහිපයක් ඔස්සේ පවත්වන ‘learn music’ වැඩසටහන් මාලාව බෙහෙවින් උපකාරී වේ.ශාස්ත්‍රීය සංගීත සංසදයේ ප්‍රධාන ගුරු උපදේශක දෙදෙනාගේ මගපෙන්වීම යටතේ වැඩිහිටි සිසු සිසුවියන් විසින් මෙය සිදුකරයි. මෙහිදී සිසු සිසුවියන්ට සංගීත භාණ්ඩ වාදනයේදී අවශ්‍ය වන මූලික සිද්ධාන්ත දැනුම මෙන්ම, අදාල සංගීත භාණ්ඩ වාදනය කර එම උගත් සිද්ධාන්ත ප්‍රායෝගිකව භාවිතා කිරීමට අවස්ථාවද සැලසේ.
සංගීත භාණ්ඩයක් නොමැති සිසු සිසුවියන්ටද මෙම වැඩසටහන් මාලාවට සහභාගි වී ශාස්ත්‍රීය සංගීත සංසදය සතුව පවතින සංගීත භාණ්ඩ යොදාගෙන එම දැනුම නොඅඩුව ලබාගත හැක.
සවස 5:30 සිට රාත්‍රී 8:30 පමණ වනතෙක් මෙම වැඩසටහන පවතින අතර,අවසානයේදී පැරණි නවක සිසු භේදයකින් තොරව සියලුම දෙනා එකට එකතුවී ගීත ගායනා කර විසිර යන්නේ ශාස්ත්‍රීය සංගීත පවුලේ සාමාජිකයන් ලෙසින්ය.සංගීත මංපෙත් විවර කරගැනීමට මඟ බලමින් සිටින මොරටුව සරසවියේ අධ්‍යාපනය ලබන සහ අනාගතයේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සියලුම සහෝදර සහෝදරියන්ව ශාස්ත්‍රීය සංගීත සංසදයට ඉතාමත් ආදරයෙන් පිලිගනිමු.