YATHRA විශ්වීය දැනුම සමාජගත කරන්නාවූ සරසවිය නිරතුරුවම සිය ප්රමුඛ අභිලාසය සේ සලකන්නේ සමබර පෞරුෂයයෙන් හෙබි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමයි. මොරටුව විශ්ව විද්‍යාලය තුල නව මානයන් සොයා යන්නාවූ තාක්ෂණික දැනුමෙන් පිරිපුන් යෞවනයේ වෙහෙසකර දිවිපෙවෙත ට මහා වෘක්ෂයක් සේ සෙවන සදා ලන්නේ ශාස්ත්‍රීය සංගීත සංසදයයි. එහි අග්‍ර ඵලය සේ සලකන්නාවූ ‘යාත්‍රා’ බිහිවන්නේ සරසවි විද්යාර්තයයින්ගේ ගායන වාදන මෙන්ම ප්‍රාසාංගික හැකියාවන් බාහිර සමාජයට විවෘත කරන්නාවූ දොරටුවක් ලෙසින්ය. දස වසරකට ආසන්න ඉතිහාසයක් ඇති ප්‍රසංගයක් වන මෙහි, අරුත්බර ගීත කලාවට මෙන්ම විවිධ රසයන් හා විවිධ සංගීත සම්ප්රදායයන්ටද ප්‍රමුඛතාව ලබාදීම සහභාගි වන ශිෂ්‍යයින්ට මෙන්ම නරඹන්නන්ටද සුවිශේෂී අත්දැකීමකි. තාක්ෂණික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවද ඔවුන්ගේ, දෙසවන් අදහාගත නොහැකිවූ සුමියුරු ගායන හා වාදන හැකියාවන් මෙන්ම උසස් රසවින්දනයද නිරතුරුවම නරඹන්නන් ගේ ප්‍රශංසාවට ලක් විය. ගායන, වාදන මෙන්ම පද රචනා කරන්නාවූ ආරාධිත ප්‍රවීණයින් ද සෑම වසරකම සිය කැමැත්තෙන් යාත්‍රා සමග එක්වන්නේ මෙරට කලාවේ උන්නතිය උදෙසා විශ්ව විද්‍යාලයක් තුලින් ඉටුවිය යුතු යුතුකම් ශාස්ත්‍රීය සංගීත සංසදය මගින් නොපිරිහෙලා ඉටු කරන නිසාවෙනි. එමෙන්ම මෙරට සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ඔවුනගෙන් ඉටුවූ සේවය වෙනුවෙන් යාත්රාවේදී සහභාගි වන කලාශිල්පීන්ට ගෞරවනීය උත්තමාචාර පුදන්නටද මොරටුව විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රීය සංගීත සංසදය කටයුතු කරන්නේ යාත්‍රාවේ ප්රමුඛ කර්තව්‍යයක් ලෙසිනි. සිසුන්ගේ මෙන්ම ආරාධිත ගායන හා වාදන ශිල්පීන්ගේ අරුත්බර හා හැගුම්බර ගායනයන් ගෙන් ගීතවත් වන්නාවූ සොදුරු සන්ද්‍යාවක, ප්රාසාංගිකත්වය සහ නව්‍යකරණය සියුම්ව මුසු කල රස සයුරක යාත්‍රා කරන්නට ඉදිරි වසර වලදී එක්වන්නට කලාවට හිතැති සියල්ලන්ටම සිහිපත් කරමු. VIDEOS Home Facebook Youtube