දැහැන - පළමු දිගහැරුම මොරටුව විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය සංගීත සංසදය මගින් වාශිකව සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස දැහැන වැඩසටහන විශේෂයෙන් හදුන්වා දිය හැක.දැහැන – සෙනෙහසේ දිගහැරුම මෙවර දියත් වූයේ රාගම රූමතික පුනුරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හා එහි සේවය කරන කාර්ය මන්ඩලයේ මානසික සුවය පිනිස ය. එම පිරිස සමග කාලය ගත කරමින්, සංගීතයෙන් ඔවුන් පිනවමින් සවස තේ පැන් සංග්‍රහයක් ද තිලිණ කරමින් සංසදයේ සාමාජිකයන් එදින ඔවුන් වෙනුවෙන් කැප කලේ ඔවුන්ව මොහොතකට හෝ සුවපත් කිරීමේ අරමුනින්. මෙම වැඩසටහන වෙනුවෙන් ශාස්ත්‍රීය සංගීත සංසදයේ සමාජිකයින්ගෙ, ආදි සිසු සිසුවියන්ගේ, ආචාර්ය මන්ඩලයේ සහ රාගම රූමතික පුනුරුත්ථාපන රෝහල් අද්යක්ෂක මණ්ඩලයේ සහභාගිත්වය සහ අනුග්‍රහය ලැබුනු අතර වාර්ශිකව මෙවන් සමාජ මෙහෙවර කටයුතුවල නිරත වීම සංසදයේ අරමුණකි. Watch Video Home Facebook Youtube