දැහැන - දෙවන දිගහැරුම
අප නොසිතූ විරූ මොහොතක, ලෝකවාසී ජනයාගේ දෛනික වැඩ කටයුතු අඩපණ කරමින් හිස එසවූ, දරුණු කොරෝනා වෛරසයේ, ශ්‍රී ලාංකීය වැසියන්ද ගොදුරක් බවට පත් ව පීඩාවිදි කාල වකවානුවක , කිසිවෙක් කුමන මොහොතක වෛරසයට ගොදුරු වන්නේද යන බව නොදන්නා වූ මොහොතක , මොරටුව විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රීය සංගීත සංසදය, ‘දැහැන’ යලිත් වරක් ක්‍රියාත්මක කරමින් එය සමාජ සත්කාරයක් දක්වා ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර පුළුල් කරමින් මෙතුවක් දුර ක්‍රියාත්මක කර එම මහගු සමාජ සත්කාරය සාර්ථකත්වය කරා පැමිණෙන්නේ අහිංසක දෙනෙත් සතුටු කඳුලින් පුරවමිනි.
මනුසත්කමේ වටිනාකම හොඳින් දැන හදුනන ‘දැහැන’, මෙම සත්කාරයේ මූලාරම්භය, සහෝදරත්වය ඔප්නංවමින්, මොරටුව විශ්වවිද්‍යාලීය අපේම සහෝදර සහෝදරියන්ගේ දුෂ්කරතා මඟහරවාලීම පිණිස මූල්‍යමය සහයක් ලබාදීමෙන් කල උපකාරය , මහගු අත්වැලක් වී අති බවට නොඅනුමානය.
‘දැහැන’ මින් නොනැවතී, අති සාර්ථකව තවත් පියවරක් ඉදිරියට තැබුවේ සමාජ වගකීම්ද අමතක නොකරමිනි. ඒ කෙසේදයත්, රටේ ආරක්ෂාව පිණිස පනවා තිබූ ඇඳිරිනීතිය තිබියදීම, දුෂ්කර පළාත්හි වෙසෙන, පීඩාවට පත්ව සිටි අපේම අහිංසක ජනයාගේ පවුල් කිහිපයක් තෝරාගනිමි න්, ඔවුන් සදහා වියළි ආහාර මළු පිරිනැමීමෙනි. එසේ ඇපකැප වෙමින්, අනේකවිධ දුක්ගැහැට මධ්‍යයේ, පීඩාකාරී දුක්ඛිත දෙනෙතකට සතුටු කදුලක් එක් කිරීමේ මහගු සත්කාරය වූ ‘දැහැන’ සදහා නන් අයුරින් උපකාර කර, සැබෑ ලාංකිකයන් මෙන් කැපවූ සියළු දෙනාම ගෞරවයෙන් සිහිපත් කරමු.