තොටුපල

“ජීවන ගං ඉවුර මත දිගහැරෙන සොඳුරු ගී සුයාමය”

මොරටුව සරසවියේ සියලුම පීඨ නියෝජනය කරමින් ශාස්ත්‍රීය සංගීත සංසදයට බැඳෙන පලමු වසර හා දෙවන වසර සිසු සිසුවියන්ගේ දක්ෂතා වලින් මෙම සැන්දෑ වරුව වර්ණවත් වේ.
ශාස්ත්‍රීය සංගීත සංසදයේ ප්‍රධාන උපදේශක ගුරු භවතුන් දෙදෙනාගේ සහ වැඩිහිටි සිසු සිසුවියන්ගේ මඟපෙන්වීම යටතේ පුහුණුවීම් කටයුතු සිදුවන අතර; විශ්ව විද්‍යාල පැරණි ගෘහස්ථ ක්‍රීඩාගාර ගොඩනැගිල්ලේදී ‘තොටුපල’ ප්‍රසංගය පැවැත්වේ.
ශාස්ත්‍රීය සංගීත පවුල සතුව පවතින සංගීත දැනුම් සම්භාරයද, නිර්මාණශීලී හැකියා වල අනුසාරයෙන් නිමවෙන සැරසිලි,ආරාධනා පත්‍ර ආදියෙන්ද, නිවේදන හා ප්‍රාසාංගික හැකියා වලින්ද සම්මිශ්‍රණයෙන් වර්ණවත් වන මෙම සැඳෑව සැබැවින්ම සමස්ත ශාස්ත්‍රීය සංසදයේ ආඩම්බර ඉදිරිපත් කිරීමකි.

සියලුම විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට හා සිසු සිසුවියන්ට මෙම ප්‍රසංගය නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන අතර සරසවි සිසුන්ගේ දක්ෂතා එලිදැක්වීම මෙන්ම විඩාබර ප්‍රේක්ෂක ඔබගේ මනසට සුවයක් ලබාදීමත් ශාස්ත්‍රීය සංගීත සංසදයේ මූලික අරමුණකි.